අනුදි අද ලෝක රූ රැජිණ අවසන් තරඟයට

Report

ඉන්දියාවේ තෙළඟානා ප්‍රාන්තයට අයත් හයිද්‍රාබාද් නගරයේ පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජන -2025 තරගයේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

එය අති උත්කර්ෂවත් අයුරින් හයිද්‍රාබාද් නගරයේ පිහිටි ‘හයිටෙක්ස් ’ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මසක පමණ කාලයක් පුරා හයිද්‍රාබාද් නගරයේ පැවති ලෝක රූ රැජන තරගය සඳහා ලොව පුරා රටවලින් රූ රැජනියන් 108 දෙනෙකු සහභාගී වී තිබූණා.

අනුදි වෙනුවෙන් හදිසි නිවේදනයක්.... කාගේත් අවදානෙට

අනුදි වෙනුවෙන් හදිසි නිවේදනයක්.... කාගේත් අවදානෙට

අද පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා මුලින් තරගකාරියන් 40 දෙනෙකු ද පසුව තරගකාරියන් 20 දෙනකු හා අනතුරුව අවසාන වටය සඳහා තරගකාරියන් 08 දෙනකු ද තෝරා පත් කරගැනීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර මෙවර ලෝක රූ රැජන තරගයේ අවසන් 40 දෙනා අතරට තේරී පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ අද පැවැත්වෙන ලෝක රූ රැජන තරගයේ අවසන් මහා තරගය ලොව පුරා රටවල ජාතික රූපවාහිනී සේවාවන් ඔස්සේ මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මෙම අවසන් මහා තරගය නැරඹීම සඳහා ලොව පුරා බිලියන දෙකක පමණ ජනගහනයක් එක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

හිරේ ගියත් මහින්දානන්දට ලැබෙන වාසිය නලින්ට නෑ

හිරේ ගියත් මහින්දානන්දට ලැබෙන වාසිය නලින්ට නෑ

මෙම අවසන් මහා තරගයේ විවිධ අංග ඉදිරිපත් කිරීම සඳහා බොලිවුඩ් තරු වන ජැකලින් ෆර්ඩිනන්ඩස් හා ඉෂාන් කටාර් ද සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මේ අතර ලෝක රූ රැජන තරගයෙන් ඉවත් වී එහි සංවිධායකයන්ට එරෙහිව එංගලන්ත රූ රැජන විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා පදනම් විරහිත බව තෙළඟානා ප්‍රාන්ත රජය විසින් සිදු කරන ලද අභ්‍යන්තර විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා.

අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

අනුදි අද ලෝක රූ රැජිණ අවසන් තරඟයට | Anudi To Compete In Miss World Final Today