විශාල පිරිසකට වාසියක් .. ලංකාවේ විද්‍යාඥයන් පිරිසක් සොයා ගත් දේ (VIDEO)
නැනෝ නයිට්‍රජන් පොහොර වර්ගයක් සොයාගැනීමට මෙරට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව තිබේ. එම පරීක්ෂණය සිදුකර ඇත්තේ නැනෝ තාක්ෂණ ආයතනය විසිනි.
එම නැනෝ පොහොර සම්බන්ධයෙන් අදහස් පළ කර සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය මෙසේ සඳහන් කළේය. "නයිට්‍රජන් පොහොර දුන්නේ යූරියාවලින්. යූරියා පසට දැම්මහම සියයට 50 -70ක් අතර, නාස්ති වෙනවා. ටිකක් වතුරට යනවා. සෞඛ්‍යයට හොඳ නෑ. ඉතුරු ටික වායුගෝලයට යනවා.
ලෝකය ම හොයනවා මේක අඩු කරගන්නේ කොහොම ද කියලා. අපි කළේ මේ නැනෝ පාටිකල් එකක් හදලා ඒකට ඉක්මනින් දියවෙලා යන යූරියා ටික සම්බන්ධ කළා. තනියෙන් තියෙද්දි ඉක්මනින් වතුරේ දියවුනාට දැන් මෙයා කාටහරි ගැට ගැහිලා ඉන්නේ. නැනෝ පාටිකල් එකක් කියන්නේ බොහෝම ක්ෂුද්‍ර අංශුවක්.
එයා මීටරයිකින් බිලියනකින් ප්‍රමාණයක්. හරි පොඩියි. ඒ වගේම මෙයා පසට පොස්පරස් දෙනවා. මේවා හොඳට දියවෙනවා. එතකොට ප්‍රශ්න දෙකකට එකවර උත්තර ලැබෙනවා." ප්‍රශ්නය - මෙය හොඳම විසඳුම ලෙස හඳුන්වා දිය හැකිද ? "ඇත්තටම ඉතින් මේකේ 700ට 40ක් නයිට්‍රජන් තියෙනවා. ඒ කියන්නේ යූරියාවල 46යි. මම පොස්පරසුත් මිශ්‍ර කරපු ගමන් මම හිතනවා හොඳම විසඳුමක් කියලා. මොකද පසට දාන්නේ. ගොවීන්ට කිසි ප්‍රශ්නයක් නෑ." සාමාන්‍ය යූරියා යෙදීමයි මේක යෙදීමයි අතර වෙනස කුමක් ද? "ප්‍රමාණයෙන් වෙනස්. වී වගාවේ දී අපි එක කන්නයකට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 105ක් දෙනවා. අපේ පොහොර දාද්දි අපි ඔප්පු කළා ගොවීන් එක්ක කරපු එකනේ අපි ඔප්පු කළා සියයට 25ක් අඩුවෙන් දාන්න ඕනේ. තේ වගාවේ දී මේක සියයට 25 - 50 දක්වා අඩු කරන්න පුළුවන් වුණා."
ඒ පර්යේෂණවලින් මේක ඵලදායි කියලා ඔප්පු වෙලා තියෙනවා ද? "දැනට ඔප්පුවෙලා තියෙනවා. මොකද වී පර්යේෂණ ආයතනය මඟින් නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අපිට රෙකමන්ඩේෂන් එක හම්බවෙලා තියෙනවා. තේ පර්යේෂණ ආයතනය අපිට දැන් රෙකමන්ඩේෂන් එක ලබාදෙන එකේ අන්තිම පියවරට ඇවිල්ලා තියෙන්නේ. ඒ අය තමයි අපිව ට්‍රයල් කළේ.
අපි ගිහින් කළා නෙමෙයි." 2010 වසරේ දී මේක සොයාගැනීම ආරම්භ කරන්නේ. වසර 11ක් ගිහින් ගොවියා අතට ඇයි මේක නොයන්නේ ? "2010 වසර කියන්නේ මුළු ලෝකයට ම නැනෝ තාක්ෂණය අලුත්. ඕකට ඉන්වෙස්ට් කරන්න එපැයි හදන්න. නමුත් අපි වාසනාවන්ත වුණා මේකෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පේටන් බලපත්‍ර 4ක් දාන්න. ඒකෙන් තුනක් මේ වෙනවිට සනාථවෙලා. අපි ලෝකයට සංකල්පය දුන්නා. අවාසනාවකට වගේ අපිට බැරිවෙලා තියෙනවා අපේ එක කොමෂලයිස් කරගන්න තවම."
ගොවීන් අතරට ගෙනියන්න සැලසුමක් තියෙනවා. "ප්ලාන්ට් එකක් දාලා කරන්න පුළුවන් නම් ලංකාවට අවශ්‍ය ප්‍රමාණය විතරයක් නෙමෙයි. අපිට ඇඩ්වාන්ස් පර්ටිලයිසර් එක්ස්පෝර්ටින් නේෂන් එකක් දක්වා යන්න. මුළු ලෝකයම මේ වගේ පොහොර ගැන සොයනවා. මේකේ පේටන් බලපත්‍රයේ අයිතියි තියෙන්නේ සිම්ටෙක් ආයතනයට."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |