දරුවන් හා යොවුන්වියේ පසුවන අය සඳහා තවත් කොවිඩ් එන්නතක්

covid19 Pfizer vaccination cansinoboyo
By Sewvandhi Sep 28, 2021 03:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

චීනය නිෂ්පාදනය කළ තවත් කොවිඩ් 19 එන්නතක් දරුවන් හා නව යොවුන්වියේ පසුවන අය සඳහා ඉහළ ප්‍රතිෂක්තියක් හා ආරක්ෂාව ලබාදෙන බවට තහවුරු වී තිබෙනවා. කැන්සිනොබයෝ එන්නත ලෙස එය හඳුන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කැන්සිනෝබයෝ එන්නතේ මිලි ලීටර් 0.3 වයස අවුරුදු 6-17 අතර අය සඳහා මෙන්ම වැඩිහිටියන් සඳහා මිලි ලීටර් 0.5 ක් ලබාදීම හරහා එන්නත ලබාගත් අයගේ ඉහළ ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ඇති කළ බවයි සිය නිල We Chat ගිණුම හරහා ප්‍රකාශ කළේ. 430 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම අත්හදා බැලීම සිදුකර තිබෙනවා.

ඒ අනුව එක් මාත්‍රාවකින් සමන්විත මෙම කොවිඩ් එන්නත අවුරුදු 6-17 අතර ළමුන් හා නව යොවුන් වියේ දරුවන් තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති කළ හැකි බවයි නිගමනය කර ඇත්තේ.

මේ දක්වා විසින් චීනය බාලවයස්කරුවන් සඳහා එන්නත් තුනක් අනුමත කර තිබෙනවා. ඒ සිනෝෆාම් සමාගම නිපදවූ එන්නත් දෙකක් හා සිනෝවැක් නිපද වූ එක් එන්නතක් වශයෙන්.

එම එන්නත් තුනෙහිම අඩංගු වන්නේ අක්‍රීය කළ කොවිඩ් වෛරසයේ කොටසක්. මේ වන විට චීනයේ එන්නත් ලබා දෙනු ලබන්නේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ට පමණක් වන අතර සැප්තැම්බර් 15 දා වන විට චීනයේ අවුරුදු 12 ත් 17 ත් අතර ළමුන් මිලියන 95.3 කට පමණ එන්නත් මාත්‍රා මිලියන 170 ක් පමණ ලබාදී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now