ඇමරිකාවෙන් තවත් බද්දක්
Donald Trump
Sinhala news
Trump tariff
By Hashini
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පසුගියදා තීරු බදු පැනවීමක් සිදු කරනු ලැබුවා.
එහිදී ශ්‍රී ලංකාවට පනවන ලද 54%ක් වූ ඉහළ තීරු බදු සදහා සහනයක් ලබා දිය හැකි බව එරට විසින් මෙරටට දන්වා ඇති බව වාර්තා වනවා.
නමුත් චීනයෙන් හෝ වෙනත් රටකින් ආනයනය කරන ලද රෙදිපිළිවලින් ලංකාවේදී ඇගළුම් නිෂ්පාදනය කර ඇමෙරිකාවට අපනයනය කිරීමේදී ඉහළ තිරූ බද්දක් පැනවීමට සිදුවනු ඇති බවද සඳහන් කර තිබෙනවා.
මේ බව දැනුම් දී ඇත්තේ ඇමරිකා තීරු බදු සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා අතරතුර ඇමෙරිකා නියෝජිතයන් විසිනි.
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවන ලද තීරු බදු ඇමරිකානු වාණිජ අධිකරණයක් විසින් අත්හිටුවන ලදුවද ඊට පසු දිනම ඇමරිකානු අභියාචනාධිකරණ විසින් යළි එම තීන්දුව අත් හිටුවමින් තීරු බදු බලාත්මක කිරීමට කටයුතු කරන ලදී.
