ලොවම කම්පාකරමින් මියගිය ප්‍රියන්තගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙක්..

Pakistani Priyantha Kumara Priyantha Kumara's New post
By Aruna Dec 24, 2021 06:21 AM GMT
Aruna

Aruna

Report

පසුගියදා පාකිස්තානයේ සියල්කොට් නගරයේදී තමා සේවය කරමින් සිටි කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ අමානුෂික පහරදීමෙන් මරුමුවට පත් වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා වෙනත් ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මේ බව හෙළිවී ඇත්තේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගේ ආගමික සහජීවනය පිළිබඳ විශේෂ නියෝජිත හෆීස් තාහීර් මෙහෙමුද් අෆ්රාෆි සහ මවුලානා තරීක් ජමීල් නම් ආගමික නායකයා පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්, වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම සමග පැවති හමුවකදීය.

මත තම ආගමට අගෞරව කළා යැයි චෝදනා කරමින් කර්මාන්ත ශාලා සේවකයින් විසින් ඉතා අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාරව පසුගිය 03 වනදා ඝාතනය කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha