රජයේ තවත් ප්‍රමුඛ පෙළේ නිලධාරිනියක් ඉල්ලා අස්වෙයි

dehivala zoo ishani wickrama singhe vimalaveera disanayake
By Sewvandhi Sep 09, 2021 10:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මේ බව තහවුරු කළේය.

ඔහු සඳහන් කළේ, පෞද්ගලික හේතු මත තමන් ඉල්ලා අස්වන බව ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබුණු බවය. කෙසේ වෙතත්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි හීලෑ අලි, ඇතුන් මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස මාර්ගය සකස් කළ බව කියන ගැසට් පත්‍රය ඇයගේ ඉල්ලා අස්වීමට පෙලඹවීමක් වූ බව අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එමෙන් ම අදාළ ලිපියේ එම ගැසට් පත්‍රය පිළිබඳව සඳහන් කර නොතිබුණු බවය. ඒ අනුව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

---------------------------------------------------------------------------

13 ඇදිරි නීතිය ඉවත් කරනවද? හේමන්ත හේරත් ගෙන් ඉගියක්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha