කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව - රජයෙන් පොරොන්දුවක්

Report

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත, අපනයන හා සේවා ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීමට රජය විශේෂ ක්‍රමවේදයක් යටතේ කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තුවට අද (17) පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිකිරීම්, නිෂ්පාදන, අපනයන සහ සේවා ක්ෂේත්‍ර ඇතුළු සියලුම කර්මාන්ත සඳහා ඉන්ධන පහසුකම් අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

මෙම ක්‍රමවේදය යටතේ කර්මාන්ත හිමියන්ට ගූගල් මාර්ගයෙන් ලියාපදිංචි වීමට පහසුකම සලසා ඇති අතර මේ වනවිට සමාගම් 750කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

ලියාපදිංචි සමාගම්වල ඉන්ධන අවශ්‍යතා, ක්ෂේත්‍රය සහ ප්‍රවාහන භාවිතය පිළිබඳ තොරතුරු සවිස්තරාත්මකව රජය විසින් රැස් කර ඇති අතර, එම තොරතුරු බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව වෙත යොමු කර සතියකට නියමිත කෝටා අනුව සාධාරණව බෙදාහැරීම සිදුකරනු ලබන බව අමාත්‍යවරයා පැවසීය.

තවද, සමාගම්වලට තමන්ට ආසන්න ඉන්ධන පිරවුම්හල් හෝ තමන්ගේම සැපයුම් මධ්‍යස්ථාන නාමකරණය කිරීමේ අවස්ථාව ලබාදී ඇති අතර, අදාළ ගිවිසුම් මගින් සැපයුම් ක්‍රමවත් කර තිබේ. සංචාරක ක්ෂේත්‍රයටද විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී, සංචාරකයින් රැගෙන යන වාහන සඳහා පෝලිම් රහිතව ඉන්ධන ලබාදීමට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට සුබම සුබ පණිවිඩයක්

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට සුබම සුබ පණිවිඩයක්

ඒ අනුව, රටේ කර්මාන්ත, අපනයන සහ සේවා ක්ෂේත්‍ර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන සැපයුම ප්‍රමුඛ කරමින් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය