තවත් තරුණ වෛද්‍යවරයෙක් කොරෝනාවට බිලි වේ

covid19 infections covid deaths dr wasantha jayasooriya rigchway arya hospital
By Sewvandhi Sep 04, 2021 07:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ලෙස සේවය කළ වෛද්‍ය වසන්ත ජයසූරිය කොරෝනා ආසාදිතව මරණයට පත්ව තිබේ. දරු දෙදෙනෙකුගේ පියෙකු වු ඔහු කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

මේ අතර,දිවයින පුරා බොහෝ රෝහල්වල ගොඩගැසී ඇති හඳුනා නොගත් මළසිරුරු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට නියෝග කළේය.

එමෙන්ම,කොවිඩ් ආසාදිත වූ දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත. තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ඊයේ (3) වන විට ප්‍රතිකාර ලබමින් සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වේ. කොවිඩ් ආසාදිත වූ දරුවන්ගේ මරණ අතරින් 18 දෙනකුම මිය ගොස් ඇත්තේ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ දීය.

ඇතැම් හදුනා නොගත් මළ සිරුරු විවිධ අධිකරණ තීන්දු හේතුවෙන් රෝහල්වලින් ඉවත් කිරීමට නොහැකිවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අධිකරණ තීන්දු හේතුවෙන් එසේ ඉවත් කිරීමට නොහැකිවී ඇති හඳුනා නොගත් මළසිරුරු සම්බන්ධයෙන් සොයා බැලීමක් කර ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද ඇමැතිවරයා උපදෙස්දී ඇත.

හඳුනා නොගත් මළ සිරුරු හේතුවෙන් බොහෝ රෝහල් මෘත ශරීරාගාරවල විශාල තදබදයක් මතුව ඇතැයි රෝහල් ප්‍රධානීහු පවසති. මේ අතර රෝහල්වල අබලන් වී පවතින මෘත ශරීරාගාර වහාම පිළිසකර කිරීමට පියවර ගන්නැයිද රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට වැඩිදුරටත් උපදෙස්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery