තවත් ව්‍යසනයක්, 14 ක් මැරිලා 12ක් අතුරුදන්

Missing Persons South Korea Death Sinhala news Breaking News
By Kaushi Jul 20, 2025 09:41 AM GMT
Kaushi

Kaushi

Report

දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙක් මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය වාර්තා කරයි.

එසේම බලධාරීන් ප්‍රකාශ කරන්නේ දැනටමත් එරට ගලවාගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ය.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

ඒ අනුව ඇතිවූ ආපදා තත්ත්වය නිසා දැනටමත් පුද්ගලයින් 12 දෙනෙක් අතුරුදන් වී ඇති බව සඳහන්.

මේ අතර ඉකුත් බදාදා දිනෙන් ආරම්භ වූ වර්ෂාව නිසා එරට 10,000කට ආසන්න පිරිසක් සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් තිබෙනවා.

තවද ආපදා තත්ත්වයෙන් දරුණුතම බලපෑම එල්ල වී තිබෙන්නේ එරට දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට බව පවසයි.

අවුරුදු 20ක් ඇස් පියාගෙන හිටපු පුතාගේ අත ඇතෑරියේ නැති තාත්තව අඬවලා නිදි කුමාරයා සදහටම නිදා ගෙන

අවුරුදු 20ක් ඇස් පියාගෙන හිටපු පුතාගේ අත ඇතෑරියේ නැති තාත්තව අඬවලා නිදි කුමාරයා සදහටම නිදා ගෙන

එසේම ගංවතුර තත්ත්වයෙන් මාර්ග සහ ගොඩනැගිලි දහස් ගණනක් යට වී ඇති බවත් වාර්තා වේ.

තවද මෙම තත්ත්වය හමුවේ එරට ප්‍රදේශ රැසකට බරපතළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමටද එරට ආපදා කළමනාකරණ කාර්යාලය පියවර ගෙන ඇති බව සඳහන්.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ReeCha