IMF වෙතින් තවත් කොන්දේසියක්....

By Hashini May 11, 2025 02:38 AM GMT
Report

ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව චීනය විසින් ඉදිකරන ලද පෝට්සිටි ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරන ආයෝජකයන් දිරිගැන්වීම සඳහා දැනට පිරිනමා ඇති සියලු‍ බදු සහන අහෝසි කරන ලෙස දන්වා තිබෙනවා.

මූල්‍ය අරමුදල විසින් කරන ලද නිර්දේශයේ සඳහන් වන්නේ බදු සහන පිරිනැමීමෙන් රජය අපේක්ෂා කරන වාර්ෂික මූල්‍ය ඉලක්ක සපුරාගත නොහැකි බැවින් බදු සහන අහෝසි කළ යුතු බවයි .

ඒ අනුව මෙතෙක් ආයෝජකයන්ට ලබා දෙන ලද තීරු බදු සහ රේගු බදු සහන ඉවත් කිරීමට සිදුවනු ඇතැයි දැනගන්නට තිබෙනවා .

ඒ අතර ශ්‍රී ලංකාවට තරගයක් දීම සඳහා මාලදිවයින විසින් කටාර් රාජ්‍ය අනුග්‍රහයෙන් මේ ආකාරයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

සියලු‍ බදු සහන සහිතව ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය සඳහා කටාර් රාජ්‍යය ඇමෙරිකානු ඩොලර් කෝටි 800 ක් ආයෝජනය කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. 

ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් 4ක් මරුට

ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් 4ක් මරුට