ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් 4ක් මරුට

By Hashini May 11, 2025 01:54 AM GMT
Report

අද අලුයම නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

ඉන් පුද්ගලයන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල සිදුව ඇතැයිද ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද පොලීසිය පැවසීය.

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙම මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වනවා.

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්