කිසිවකු නොසිතූ මොහොතක ශ්‍රී ලංකාවට හදිසියේම පාවි එන අර්බුදය..
චීනයේ තවත් සමුද්‍ර පර්යේෂණ නෞකාවක් එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී කොළඹ සහ හම්බන්තොට වරාය වෙතට පැමිණිමට සූදානම් වන බව වාර්තා වනවා.
මේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
shi yan 6 නැමැති මෙම පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික අංශ සිය විරෝධය පළකරනු ඇතැයිද ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
මෙම නෞකාව ශ්‍රී ලංකාව සමග එක්ව සමුද්‍ර ගවේෂණයක නිරතවීමට සූදානම් වන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන අතර එම වාර්තා පවසන්නේ පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංවේදී ආරක්ෂක සහ ක්‍රමෝපාය අභිලාෂයන් සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත සහතික වී ඇති පසුබිමක මෙම චීන පර්යේෂණ නෞකාවේ සංචාරක සැලැස්ම මතභේදකාරී වන බවයි.
එමෙන්ම shi yan 6 චීන පර්යේෂණ නෞකාවේ සැලසුම් සහගත සංචාරය සඳහා ශ්‍රී ලංකාව මෙතෙක් අවසර ලබාදී නොමැති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
- සිතුමි -
