ඉන්දියාවෙන් තවත් බිත්තර තොගයක්..

Sri Lanka Sri Lanka Food Crisis India
By krishani Apr 14, 2023 10:57 PM GMT
krishani

krishani

Report

ඊයේ (14) දින, ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක තොගයක් මෙරටට ලැබීමට නියමිතව තිබිණ.

එම බිත්තර තොගය ඊයේ පස්වරුව වනවිට දිවයිනට ලඟාවීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ ය.

මෙරටට ආනයනය කළ අවසන් බිත්තර තොගය සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙරේදා දින  අනුමැතිය ලබාදුන් අතර එම බිත්තර බේකරි නිෂ්පාදන ආයතන වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

කෙසේවෙතත්, මේ දක්වා බිත්තර මිලියන 4ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join