ගුරු විදුහල්පති ගැටලුව විසදෙයි..? සංගම් වලින් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
ලබන 21 වනදා පාසල් විවෘත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (18) දිනයේ ඒකාබද්ධ ප්‍රකාශයක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් සිදුකිරීමට නියමිත බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසීය.
අද (17) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ සඳහන් කළේ විසඳුම් ලබාදීම වෙනුවට ගුරු - විදුහල්පති වර්ජනය අත්හැර දැමීමට පාර්ශ්ව කිහිපයකින්ම බලපෑම් එල්ල කරමින් සිටින බවය.
"පොලිස් ඇමතිවරයාගෙනුත් බලපෑම් එල්ලවනවා. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් උපාධිධාරීන් යොදවන බවට බලපෑම්. කලාප හා කොට්ඨාස කාර්යාල හරහා බලපෑම්. දේශපාලකයින්ගෙනුත් තර්ජනාත්මක ප්‍රකාශ. තර්ජනය කිරීමෙන් අරගල විසඳන්න බැහැ. ලබන 21 පාසල් විවෘත කිරීම ගැන ප්‍රකාශයක් කරනවා හෙට දිනයේ. සියලු පාර්ශ්ව වෙත දැනුම් දෙනවා."
එම ප්‍රකාශය පහතින් නරඹන්න
(මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න ගගන youtube channel එක subscribe කරන්න )
