ලිට්‍රො ගෑස් සමාගමෙන් නිවේදනයක්..

By Sithumi Dec 30, 2021 01:58 PM GMT
Sithumi

Sithumi

Report

තම සමාගම ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම වේගවත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති ලිට්‍රෝ සමාගම අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ එමෙන්ම සියලුම ගෑස් සිලින්ඩර විධිමත් සුපරික්ෂාවකට යොමු කිරීමේදි සහ සිලින්ඩර නඩත්තු කිරීමේදි සිදු වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ආනයනය කිරීමට තම සමාගම සියලු විධිවිධාන සලසා ඇති බවද එම නිවේදයේ සඳහන් වෙයි

. ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද එම සමාගම පවසයි.   

එමෙන්ම තම දෛනික පිරවීම් හා බෙදාහැරීම් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදි ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සැපයුම සිදු කළ හැකි බව ලිට්‍රෝ සමාගම සිය නිවේදනය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Gallery