උසස් පෙළ සිසුන් එන්නත් ලබාගැනීමට යායුතු පාසල් මෙන්න

Srilanka Covid 18
By Sithumi Oct 14, 2021 02:55 PM GMT
Sithumi

Sithumi

Report

වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම හෙට (15) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භවීමට නියමිතය. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4කට අයත් පාසල් දරුවන් වෙත එන්නත ලබාදීම සිදුකෙරෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන මෙම වැඩසටහන පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා ක්‍රියාත්මකය. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් 24,000කට එලෙස ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට නියමිතය.   

කොළඹ අධ්‍යාපන කලාපය සඳහා පාසල් 4ක එන්නත්කරණ වැඩසටහනක්‍රියාත්මකය.

ඒ, කොළඹ විශාඛා, තර්ස්ටන්, සාන්ත බෙනඩික් විද්‍යාලය සහ විවේකානන්ද විද්‍යාල තුළය. සාන්ත බෙනඩික් විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය. 

 සාන්ත බෙනඩික් විද්‍යාලය යහපත් එඩේරාගේ කන්‍යාරාමය යහපත් එඩේරාගේ කන්‍යාරාමය (දෙමළ)

කුමාර කණිෂ්ඨ විද්‍යාලයවිවේකානන්ද විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය.

කනපති විද්‍යාලය වුල්ෆැන්ඩල් බාලිකා මහා විද්‍යාලය විවේකානන්ද විද්‍යාලය අල් හකීම් විද්‍යාලය මැද කොළඹ හින්දු විද්‍යාලය මේ අතර කොළඹ විශාඛා සහ තර්ස්ටන් විද්‍යාලවල එන්නත්කරණය සිදුකෙරෙන්නේ එම පාසල්වල සිසු සිසුවියන් සඳහා පමණි. 

 මීට අමතරව හෝමාගම කලාපයේ පාසල් 6ක ද, පිළියන්දල කලාපයේ පාසල් 7ක් සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පාසල් 4 ක් තුළද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව හෝමාගම කලාපයේ,

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය

මහින්ද රාජපක්ෂ විද්‍යාලය -

පිටිපන දීපංගොඩ මහා විද්‍යාලය සිරි පියරතන මහා විද්‍යාලය

පාදුක්ක සීතාවක මධ්‍ය මහා විද්‍යාලය මායාදුන්න මහා විද්‍යාලය

පිළියන්දල කලාපයේ එන්නත්කරණ වැඩසටහන

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය(එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

බොරලැස්ගමුව මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි) මොරටු මහා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

මෙතෝදිස්ත උසස් විද්‍යාලය අර්ෆත් මුස්ලිම් විද්‍යාලය ශ්‍රී සුනන්දෝපානන්ද මහා විද්‍යාලය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

එස් ද එස් ජයසිංහ විද්‍යාලය ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය ඇලීතියා විද්‍යාලය.

දකුණු කොළඹ විද්‍යා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලය ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ එන්නත්කරණ වැඩසටහන මාලබේ රාහුල බාලිකා විද්‍යාලය මහරගම මධ්‍ය මහා විද්‍යාලය අංගොඩ රාහුල විද්‍යාලය නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය 


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.

වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.