කච්චතිව් මංගල්‍යය ගැන නිවේදනයක්
By Gagana News
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවර මාර්තු 14 හා 15 දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවරද මෙම දේව මංගල්‍යයට ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රම, තාක්ෂණික හා සම්පත් දායකත්වය ලබාදෙනු ලබයි.
යාපනයට කිලෝමීටර 64ක් පමණ දුරින් නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ පැවැත්වෙන මෙම මංගල්‍යය වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියයි.
වර්ග කිලෝමීටර 1.15ක් පමණ කුඩා දූපතක් වන මෙම දූපත, ලාංකීය දූපත් සමූහයේ ලංකාවට දුරින්ම හා ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති දූපත ලෙස සැලකෙයි.