චැනල් 4 නාලිකාවේ ආන්දෝලනාත්මක විඩියෝ පටය ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්. (VIDEO)

Sri Lanka Bomb Blast 2019 Sri Lanka Easter bombings Ministry of Defense Sri Lanka Channel 4 Easter Attack Channel 4
By krishani Sep 09, 2023 06:11 AM GMT
krishani

krishani

Report

චැනල් 4 වීඩියෝව හරහා එල්ල කරන ලද අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම හමුදා බුද්ධි අංශයට සහ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ වෙත Channel 4 මගින් පවරනු ලැබීය.

එය ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනා වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැප වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව සිදු කිරීම තරයේ හෙළා දකින බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මේජර් ජෙනරල් සුරේෂ් සලේ 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ අමාත්‍යවරයා ලෙස සේවය කර ඇත.

ඔහු ඉන්දියාවේ පාඨමාලව අවසන් කර 2019 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙය සිදු වූ කාල සිමාව තුළ ඔහු මෙරට සිටි නොමැති බවත් මෙම සහසික චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් වේ. 

එවැනි ද්වේෂසහගත සහ තහවුරු නොකළ ආඛ්‍යානයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් Channel 4 නාලිකාව වෙත සිය අප්‍රසාදය ප්‍රකාශ කරන බව එම අමාත්‍යාංශය කියා සිටියේ ය.

දේශිය මෙන්ම ජාත්‍යන්තර වෘත්තිය ආයතන විසින් මේ සබැදිව පවත්වනු ලබන විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණ සඳහා පහසුකම් සකස් කොට ඇති බවත් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් (AFP) සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්‍යාංශය (FBI) විසින් සිදු කරන ලද විස්තීර්ණ විමර්ශනය ,එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුව ලබා දුන් තීන්දුව මගින් ද දේශිය පරීක්ෂණවල සොයාගැනීම් නැවත තහවුරු කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් ය.

එමෙන්ම ජාත්‍යන්තර විමර්ශන ආයතනයක මෙම ප්‍රබල අනුමැති විමර්ශනයේ නිරවද්‍යතාවය සහ අඛණ්ඩතාව තවදුරටත් තහවුරු කරන බව පවසනවා.

ඕනෑම පුද්ගලයෙකුගේ හා ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන බව බවත් Channel 4 නාලිකාව විසින් සිදු කරන ලද පදනම් විරහිත, ද්වේෂසහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නගින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාක සඳහා Channel 4 නාලිකාව නිසැකවම වගකිව යුතු බවත් ආරක්ෂක අමාත්‍යංශය තරයේ ප්‍රකාශ කර සිටියේ ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය මෙම අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, සත්‍ය හා යුක්තිය මෙන්ම ජාතියේ යහපැවත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවධාරණය කරන බව ආරක්ෂක අමාත්‍යංශය විසින් වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

විඩියෝ දර්ශන - Ada Derana YouTube Channel



පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත මොකක්ද?.. ආන්දෝලනාත්මක චැනල් 4 නාලිකාවේ වීඩියෝව.. (VIDEO)

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත මොකක්ද?.. ආන්දෝලනාත්මක චැනල් 4 නාලිකාවේ වීඩියෝව.. (VIDEO)

චැනල් 4 නාලිකාවට සාක්ෂි දුන් අසාද් මවුලානා ගැන පිල්ලේයාන්ගෙන් හෙළිදරව්වක් - CIDයටත් පැමිණිල්ලක්..

චැනල් 4 නාලිකාවට සාක්ෂි දුන් අසාද් මවුලානා ගැන පිල්ලේයාන්ගෙන් හෙළිදරව්වක් - CIDයටත් පැමිණිල්ලක්..

චැනල් 4 චෝදනා ගැන හිටපු ජනපති ගෝඨාභයගෙන් විශේෂ නිවේදනයක්..!

චැනල් 4 චෝදනා ගැන හිටපු ජනපති ගෝඨාභයගෙන් විශේෂ නිවේදනයක්..!

පාස්කු ප්‍රහාරයේ වාසිය කාට ද?. - හිටපු ජනාධිපතිවරයාටත් ආරාධනාවක්.. (VIDEO)

පාස්කු ප්‍රහාරයේ වාසිය කාට ද?. - හිටපු ජනාධිපතිවරයාටත් ආරාධනාවක්.. (VIDEO)

චැනල් 4 ට විරුද්ධ වුණ කිසිවක් නොදත් අහින්සකයින්.. - ඇයි ඇයි ඇහුවාම කීවේ මේකයි?.. (VIDEO)

චැනල් 4 ට විරුද්ධ වුණ කිසිවක් නොදත් අහින්සකයින්.. - ඇයි ඇයි ඇහුවාම කීවේ මේකයි?.. (VIDEO)



ReeCha