කොරෝනා තවත් ප්‍රබල වේ..! ෆේස් මාස්ක් 2ක් පළදින්න කියයි..
covid19
face mask
sudharshani Fernando pulle
By Sewvandhi
මේ වන විට කොරෝනා පැතිරිම ප‍්‍රබලව සිදුවන නිසා මුව ආවරණ දෙකක් පළඳින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
නිවසින් එළියට යන අවස්ථාවන්හිදී ‘ෆේස් ෂිල්ඩ්’ ආවරණය පැලදීමද ඉතා වැදගත් බවද ඇය කියා සිටියාය. එමෙන්ම ජාතිය වර්ගය නොබලා ළඟම ඇති ස්ථානයට ගොස් කොරෝනා මර්ධන එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය පැවසුවාය.
තම ජීවිත ආරක්ෂා කරගැනීම තමන්ම කටයුතු කළ යුතු බවත් වෙනත් අය තීරණ ගන්නා තුරු නොසිට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇය ඉල්ලා සිටි.
ජනතාවන් නිවෙස් වලට හැකි තරම් කාලය ගත කිරීම වඩා වැදගත් බවත් කොරෝනා පාලනය කර ගැනීමට හුදෙකලා වීම ඉතා වැදගත් බවද ඇය කියා සිටියාය. ගම්පහ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මෙසේ පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |