යුද හමුදාපතිගෙන් විශේෂ නිවේදනයක්..! Lock Down දීර්ඝ වෙයිද..?

curfew lock down vaccination shavendra silva kandy
By Sewvandhi Sep 28, 2021 01:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ,

රට විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරි දින දෙක තුළ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය. ශ්‍රි ලංකා යුද හමුදාවේ 72වන සැමරුම වෙනුවෙන් මහනුවර ශ්‍රි දළදා මාළිඟයේ පැවැති ධජ පුජා වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම අදහස් පළ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා,

"ඔක්තෝබර් 1 වන දා පසුව රට විවෘත කළ යුතු ද? නැතිනම් තවදුරටත් පවත්වාගෙන යන්නේ ද තීරණය ඊළඟ දින දෙක තුනේ දී අනිවාර්යෙන් ම දැනුම්දීමට කටයුතු කරනු ලබනවා. කෙසේවෙතත් ජනාධිපතිතුමා දින දෙකකට ප්‍රථමව ලබාදුන් උපදෙස් මත උපදෙස් ලබාදීලා තියෙන්නේ රට විවෘත කරන අවස්ථාවක දී අපි මොන ආකාරයෙන් ද රට විවෘත කරලා රට පවත්වාගෙන යා යුත්තේ කියලා. ප්‍රවාහන කේෂ්ත්‍රය හා අනෙකුත් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කරලා ඒ පිළිබඳව මේ වන විටත් විශේෂයෙන් ම අමාත්‍යාංශවලට දැනුම්දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාව සකස් කර ගැනීමට."

මෙරට ජනගහනයෙන් සියයට 52.3කට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කර ඇති බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now