පසුගිය දිනවල මෙන් පාසල් අසලට පොලිසිය යොදවනවාද ? -ඇමැති දුන් පිළිතුර

By Sewvandhi Oct 25, 2021 03:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද සිට පාසල් අසලට විශේෂ පොලිස් නිලධාරීන් යෙදවීමට අවශ්‍ය නොවන බව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරනවා

ගුරු වර්ජනය හේතුවෙන් ඉකුත් 21, 22 දෙදින තුළ බලපෑම් නොතකා රාජකාරියට වාර්තා කළ ගුරුවරුන් පිරිසක් කළ ඉල්ලීමක් මත එම දෙදින තුළ පාසල් අසලට විශේෂ පොලිස් රැකවරණය ලබා දුන්නත් මින් ඉදිරියට එවැන්නක් අවශ්‍ය වන්නේ නැතැයිද ඇමැතිවරයා පවසනවා

රාජකාරියට වාර්තා නොකරන ලෙස ගුරු විදුහල්පතිවරුන් පිරිසකට දුරකථන වලින් තර්ජනය කළ පුද්ගලයන්ට පොලිසිය මගින් දැඩිලෙස අවවාදකර පිටත්කර යැවූ බවද ඇමැතිවරයා සඳහන් කරනු ලැබුවා

කොවිඩ් වසංගතයේ තුන් වන රැල්ලේ ව්‍යාප්තිය සමග වසා දැමුණු දිවයිනේ සියලු‍ම පාසල්වල ප්‍රාථමික අංශ අද ආරම්භ වනවා. අද පාසලට නිළ ඇදුමෙන් සැරසී පැමිණීම අනිවාර්ය නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ.

වසරකට වැඩි කාලයක් පාසල් නොපැවැත්වුණු බැවින්, මේ වන විට බොහෝ දරුවන්ට දැනට පවතින නිළ ඇඳුම් භාවිතයට ගත නොහැකි තත්ත්වයන් වාර්තා වී ඇති බවයි ඔහු පැවසුවේ. ඒ හේතුවෙන් පාසලට පැමිණීමේදී වඩාත් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම ප්‍රමාණවත් බවයි අධ්‍යාපන ලේකම්වරයා කියා සිටියේ.

මේ අතර පාසල් ආරම්භ වුවද පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන දුෂ්කර ප්‍රදේශවල ගුරුවරුන්ට පැමිණීමේ අපහසුතා පවතින බැවින් නිවාඩු ලබා දිය යුතු බවයි ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ ලංකා ගුරු සේවා සංගමයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට නිසි විසදුම් ලබා දීමට ආණ්ඩුව තවමත් ස්ථීර විසදුමක් ලබා නොදීමට එරෙහිව අද දිනයේදී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන විරෝධතාව අද පස්වරු 2 ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වෙන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.