කොවිඩ් දත්ත නිරවද්‍යතාව පිළිබඳව සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

covid 19 oxygen keheliya rabukwella fake information
By Sewvandhi Aug 31, 2021 11:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරනවා.

මෙරට දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වන විට ඉහළ ගොස් ඇති බවද ඒ අනුව මේ වන විට අවශ්‍ය ඔක්සිජන් ලබාගැනීමට මූලික අවදානයක් යොමුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

“ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ”නියෝජිතයන් සමඟ සූම් තාත්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. මෙරටට ඔක්සිජන් ලබා දීමේදී ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ සහයෝගයද අතිශය වැදගත් බවත් ඒ වෙනුවෙන් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලැබෙනු ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ මොහොතේ මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මූලික අවදානය ලබා දෙන අතරම ඒ උදෙසා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමට රජය ප්‍රමුඛව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සම්බන්ධයෙන් වන ගැටලුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව එම වාර්තාවට අනුව ඉදිරියේදී නිල වාර්තාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

------------------------------------------------------------------

මේ වගේ එන්නත් පෝළිමක් දැකල තියෙනවාද..?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now