මුදල් යෙදවීමේ විකල්ප ක්‍රමයක් ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..!
By Sewvandhi
ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත පොදු දැනුම්දීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආකාර කිහිපයක් ඔස්සේ ලබාගත් විදේශ මුදල් අත ඇති පුද්ගලයින් ට එම මුදල් යෙදවීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ ව මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයෙන් දැනුවත් කර ඇත.
එහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ අදාළ විදේශ විනිමය, ඩොලරයක් රු. 210 බැගින් වන පරිදි රුපියල්වලට පරිවර්තනය කිරීම හෝ ඕනෑම බැංකුවක රුපියල් ගිණුමක තැන්පත් කළ හැකි බවය.
තවද පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක හෝ විශේෂ තැන්පතු ගිණුමක තැන්පත් කිරීමට ද මහ බැංකුව මෙහිදී දිරිගන්වා ඇති අතර එසේ නැතහොත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීමට ද මහ බැංකුව ආරාධනය කර තිබේ.
ඊට අදාළව මහ බැංකුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
