නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් දක්වා දීර්ඝ කරනවා..?වෛද්‍ය විශේෂඥයින්..

By Sithumi Sep 16, 2021 11:48 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක දිවයින පුරා අගුලු දැමීම ඔක්තෝබර් මස ආරම්භය දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. ක්‍රමානුකූලව පහත වැටෙන කැස්ලෝඩ්, ඔක්සිජන් අවශ්‍යතාවය සහ මරණ අනුපාතය සමඟ තිරසාර අගුලු දැමීමේ ධනාත්මක බලපෑම ශ්‍රී ලංකාව දැක ගැනීමට පටන් ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය කියා සිටියේ.

සමස්ත ජාතියේම සියළුම කැපකිරීම් වල ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මෙම සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීම අවශ්‍ය බව නොසලකා හැරිය යුතු නැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිසා දැනට පවතින “රතු කලාපයෙන්” “හරිත කලාපය” වෙත යාමට උත්සාහ කිරීමේ දී මෙම අගුලු දැමීම ලබන මස ආරම්භය දක්වා තවදුරටත් ගෙනයාම ගැන බැරෑරුම් ලෙස සලකා බලන ලෙස, තීරණ ගන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි එම සංගමය වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනය පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery