කෙසෙල් ගෙඩියක ලෙලි ඉවත් කළ හැකි අලියෙක් බර්ලින් සත්වෝද්‍යානයෙන්

By Sithumi Apr 13, 2023 01:47 PM GMT
Sithumi

Sithumi

Report

බර්ලිනයේ සත්වෝද්‍යානායක අලියෙක් හොඬවැල භාවිතා කරමින් කෙසෙල් ගෙඩියක ලෙල්ල ඉවත් කරගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අලියෙකුගේ හොඬවැල ලී කඳන් එසවීමට තරම් ශක්තිමත් වන අතර, එය නොකැඩී තනි tortilla චිපයක් අහුලා ගැනීම වැනි සියුම් කාර්යයන් කිරීමට තරම් සංවේදී වන ඉන්ද්‍රියක් වනවා. 

පැන්ග් ෆා නම් ආසියාතික ඇතා 1987 දී බර්ලින් සත්වෝද්‍යානයට පැමිණෙන විට ඉතා කුඩා අවධියේ පසුව තිබෙනවා. සත්වෝද්‍යාන පාලක මණ්ඩලය පවසන්නේ බොහෝ සත්වෝද්‍යානවල අලි ඇතුන්ට මෙන් ඇයට ද කෙසෙල් ලබාදුන් බවයි. 

 බොහෝ අලි ඇතුන් ඔවුන්ගේ හොඬවැලෙන් ඔසවාගෙන ඒවා ආහාරයට ගන්නා අතර ඒවා එකවර සම්පූර්ණයෙන්ම ඒවා අහාරයට ගනු ලබනවා. 

 පැන්ග් ෆාගේ භාරකරුවෙක් ඇය වෙනුවෙන් කෙසෙල් ලෙලි ගැසීමට කටයුතු කර ඇති අතර වසර ගණනාවකට පසු, ඇය එය තනිවම කරන අකාරය සොයාගෙන කෙසෙල් ලෙලි ගැසීම ආරම්භ කර තිබෙනවා. 

 පැන්ග් ෆා කෙසෙල් ගෙඩියක් ලෙලි ගසන විට, පොත්ත ඉරා දමා කෙසෙල් ගෙඩිය බිමට හෙලන බවයි සත්වෝද්‍යාන පාලක බ්‍රෙෂ්ට් සහ ඔහුගේ කණ්ඩායමට පවසන්නේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ දුඹුරු පැහැ ගැන්වී ඇති ඉඳුණු ලෙලි ගැසීමට අපහසු කෙසෙල් ගෙඩි පවා ඉතාමත් සංයමයෙන් යුතුව හොඬවැලෙන් ලෙලි ඉවත් කිරීමට පැන්ග් ෆාට හැකි බවයි.