ජාතික සත්වෝද්‍යානයේ තවත් සතෙකු කොවිඩ් අසාදිත බවට හඳුනාගැනේ
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිටි සිංහයාට කොවිඞ් ආසාදනය වීමේ සිද්ධියත් සමග එම සත්වෝද්‍යානයේ සේවකයන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවන්වලදී සත්වෝද්‍යාන සේවකයකුට කොවිඞ් ආසාදනය වී ඇති බවට හෙළි වී තිබෙනවා.
එම සේවකයා ඊයේ දිනයේ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයේ දෙහිවල සත්වෝද්‍යානයේ හා එහි වැඩබිමේ සේවකයන් 30 දෙනකුට පමණ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවන් සිදුකර තිබුණා.
එසේම අනෙක් සතුන් ද නිරෝධායනය වෙමින් සිටින අතර ඉදිරියේදී තවත් සතුන්ගේ PCR පරීක්‍ෂණ සිදුකිරීමට නියමිතයි.මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සීබ්‍රා පැටවෙකුටද කොවිඩ් ආසාදනය වී තිබෙන බව හෙළිවී තිබෙනවා.
ඉන්දියාවේ මධ්‍යම සත්වෝද්‍යාන අධිකාරිය සමඟ සබඳතා හරහා මෙම සත්වයින්ගේ ඉදිරි ප්‍රතිකාර වලට මාර්ගෝපදේශ ලබාගන්නා බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |