අංගොඩ ලොක්කාගේ DNA පරීක්ෂණ ප්‍රතිඵලය එළියට..දත්ත මැකීම ගැන දුන් තීන්දුවත් මෙන්න.

Police Court Angoda lokka Indian Sri Lanka
By Aruna Nov 17, 2021 05:26 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවේදී මියගිය මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකුණු අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2020 ජූලි 03 වනදා ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා හෘදයාබාධයකින් මරණයට පත්වී තිබුණි.

නමුත් ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් DNA පරීක්ෂණයක් හරහා ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට ඉන්දීය බලධාරීන් තීරණය කළේය.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක්‍රියාකරුට ඇප නියම කර තිබේ.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, අදාළ සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින බවය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විමර්ශනවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 27 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කර ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha