ඇමරිකාවේ දිවි ගෙවන සුරූපී නිලි අනර්කලී ආදරණීය සැමියයි සිඟිති දියණියයි එක්ක 2023 පිළිගත්තේ මෙහෙමයි (PHOTOS)

By Sithumi Jan 02, 2023 03:33 PM GMT
Sithumi

Sithumi

Report

හිරිපොද වැස්ස, සිකුරු හතේ, අංජලිකා, වන්ෂොට් වන් වැනි අපේ රටේ අතිශය ජනප්‍රියත්වයට පත් වුනු චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක වෙමින් අපේ රටේ කොයි කාගේත් ආදරය දිනා ගත්ත ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් තමයි අනර්කලී ආකර්ෂා කියලා කියන්නේ. 

 ඒ වගේම ඇය අපේ කළා ක්ෂේත්‍රය තුල හිටපු රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි නිවේදිකාවක්, නර්තන ශිල්පිණියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් 1995දී පුංචි තිරය ඔස්සේ විකාශය වුනු ඉටි පහන් ටෙලිනාට්‍යය හරහා ළමා නිලියක් විදිහට රංගනයට පිවිසි ඇය ඉන් පස්සේ අපේ රටේ අතිශය ජනප්‍රිය වුනු මියුසික් වීඩියෝ රැසකට මෙන්ම චිත්‍රපට රැසක් සදහාම ඇයගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම ඇය අපේ රටේ හිටපු සුරූපී රූ රැජිනක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.  

කොහොම නමුත් ඇය විවාහයෙන් පස්සේ ඇමරිකාවේ පදිංචියට ගිය බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා ඇයව රූපවාහිනිය ඔස්සේ නම් දැන් අපට දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් ලංකාවෙන් පිට හිටියට ඇයට අදටත් අපේ රටේ තිබෙන රසික ආදරේනම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ.  

ඉතින් ඒ වගේම කාලයක් අපේ රටේ ක්‍රියාකාරී දේශපාලනයට එකතු වෙලා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුණු ඇය විවාහ වුනේ ඇමරිකාවේ ජීවත් වන දුල්ෂාන් ජයසිංහ කියන අපේ රටේ ඉපදුනු කඩවසම් තරුණයෙක් සමඟයි. ඉතින් ඔහු ව්‍යාපාරිකයෙක් වගේම වෘත්තියෙන් වෛද්‍යවරයෙක් විදිහටත් කටයුතු කරනවා.  

ඉතින් මේ රටක් ආදරය කරන සුරූපී නිලි අනර්කලී පහුගිය දවසක පුංචිම පුංචි රෝසමලක් වගේ ලස්සන සිගිති දියණියක් මෙලොවට බිහි කරමින් උතුම් මව් පදිවිය ලබපු පුවතත් අපි ඔබ වෙත අරගෙන ආවා ඔබට මතක ඇති. ඉතින් මේ ලැබුවා වූ 2023 අලුත් අවුරුද්ද වෙනුවෙන් අනර්කලී ඇයගේ ආදරණීය කැදැල්ලේ ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පැතුමක්ද එකතු කරලා තිබුණා.  

ඉතින් මේ සිගිති දියණියකගේ කිරි සිනහවෙන් හැඩවුණු අනර්කලීගේ ආදරණීය පුංචි කැදැල්ලටත් අපි සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha