රජයේ අරමුණ ගැන ඇමති විජේපාලගෙන් ප්‍රකාශයක්
සැමදා සහනාධාර ලබාගන්නා ජන ජීවිතයක් වෙනුවට දෙපයින් සිටගන්නා ජන ජීවිතයක් ගොඩනැංවීම රජයේ අරමුණ බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කර තිබේ.
සාප් ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ බෙදාදීමේ උත්සවයේ දී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම අදහස් පළකර ඇත කුඩා පරිමාන ගොවීන් ශක්තිමත් කිරීම කාලගුණ වෙනස්වීම්වලට ඔවුන්ගේ ප්‍රතිරෝද්‍ය වැඩි කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරනු ලබයි .
නිකවැරටිය මහගිරිල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයේ දී සංකේතාත්මකව ප්‍රතිලාභ බෙදාදීම සිදුකරන ලදි.
ව්‍යාපෘතිය යටතේ මිරිස් වගාවේ නිරත 16,200කට ගෙවතු වගාවේ නිරත 800කට සහ තරුණ ව්‍යාවසායකයින් 1,200කට ප්‍රතිලාභ ලබාදීමට නියමිතය.