බිහිසුණු බස් අනතුරක් - 11ක් රෝහලට
දඔුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේදී බස්රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.
අද (26) උදෑසන 9.20ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් බව වාර්තා වේ.
මෙම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති තුවාකරුවන් නාලන්ද ප්‍රාදේශීය රෝහලට හා මාතලේ රෝහලට ඇතුලත් කර ඇති බවද සඳහන් වෙයි. අනතුරින් එක් පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ
මේ අතර, පුද්ගලික බසයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර CTB බසයේ රියදුරු පලාගොස් තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේ කතානායකවරයා ද මහනුවර මාර්ගයෙන් කොළඹ දක්වා ගමන් කරමින් සිට ඇති අතර හදිසියේ සිදුවූ මෙම බස් රථ අනතුර හේතුවෙන් කතානායකවරයා විසින් තුවාලකරුවන් ඉවතට ගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සහාය වී ඇති බව සඳහන් වේ
නාවුල පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යනු ලබයි.
දර්ශන උපුටා ගන්නා ලදි