ලොවම බලා සිටින ඉන්දීය මැතිවරණයෙන් බලාපොරොත්තු සුනුවිසුනු කරමින් නොසිතූ ප්‍රතිඵලයක්.! - (VIDEO)

Narendra Modi India Election
By Wayomi Jun 04, 2024 11:07 AM GMT
Wayomi

Wayomi

Report

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස ද සැලකෙන, මිලියන 969 ක පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ ලොඅව එකම මැතිරණය වන්නේ ඉන්දීය මහ මැතිවරණය.

ඉන්දියවේ මහ මැතිවරණය ආරම්භ වුණේ පසුගිය අප්‍රේල් මස 19 වැනිදා වන අතර දින 44ක් පුරා අදියර 7ක් යටතේ පැවති මෙම මැතිවරණය පසුගිය සෙනසුරාදා අවසන් වුණා.

මිලියන 642 දෙනෙක් ඡන්දය භාවිත කළ මහ මැතිවරණය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය එනම් ලෝක් සභාව ආසන 543කට මන්ත්‍රිවරුන් පත්කරගැනීම සඳහාය.

ඡන්දය ගණනය කිරීම මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රතිඵල ද නිකුත් වෙමින් පවතියි.

බොහෝදෙනා අපේක්ෂා කළ ආකාරයෙන්ම මෙවර මැතිවරණයෙන් ද පෙරමුණ ගෙන ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි.

නමුත් ඒ සිහිනය බොඳ කරමින් මැතිවරණ කොමිසම නිකුත් කළ නිල නොවන ප්‍රතිඵලවලට අනුව මෝදිගේ සන්ධානය දිනාගෙන ඇත්තේ ආසන 291ක සුළු බහුතරයක් පමණයි.

මෙවර මැතිවරණයෙන් මෝදිගේ සන්ධානයට තුනෙන් දෙකක අහිමිවනු ඇති බවටයි දැනට වාර්තා වන නොනිල ප්‍රතිඵලවලට අනුව පුරෝකථනය කර ඇත්තේ.

භාරතීය ජනතා පක්ෂය 2019 මැතිවරණයේදී තනිව ආසන 303ක් ලබාගත් අතර සන්ධානය යටතේ ආසන 400ක් දිනාගැනීම මෝදිගේ සැලසුම වූ අතර රජයේ ප්‍රබල ප්‍රතිවාදියා වන ඉන්දීය කොංග්‍රසය ද අයත් ඉන්ඩියා සන්ධානය ලෝක් සභා ආසන 233ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවෙයි.

ලෝක් සභාවේ බලය දිනාගැනීමට නම් ඕනෑම පක්ෂයක් ආසන 272ක් ලබාගැනීම අනිවාර්ය වේ.

නමුත් අපේක්ෂිත ආකාරයෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදි අඛණ්ඩ තුන්වැනි වරටත් ඉන්දියාවේ අගමැති ධුරයට පත්වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙතෙක් තුන්වරක් ඉන්දීය අගමැති ධුරය දරා ඇති එකම පුද්ගලයා වන්නේ නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිවරයා වන ජවහර්ලාල් නේරු පමණකි.

පසුගිය මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය උත්තර් ප්‍රාන්තයේ ආසන 80න් 62ක්ම ජයග්‍රහණය කළත් මෙවර එහිදීද කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට ඉන්ඩියා සන්ධානය සමත්ව තිබේ.

එහි ආසන 80න් 45ක් ඉන්ඩියා සන්ධානය ජයග්‍රහණය කරද්දි මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට ජයග්‍රහණය කරන්න හැකිවෙලා තියෙන්නේ ආසන 34ක් පමණකි.

ඡන්දදායකයින් මිලියන 240ක සිටින උත්තර් ප්‍රාන්තය ඉන්දියාවේ ජනාකීර්ණම ප්‍රාන්තයයි.

2019 මැතිවරණයේදී ඡන්ද 55,000කින් අමෙති ආසනය පරාජයට පත්වූ ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධි, මෙවර මැතිවරණයට ඉදිරිපත්වන්නේ රායි බරේලි ආසනයෙන්ය.

අමෙති හිදී රාහුල් ගාන්ධි පරාජය කරමින් ජයලැබූ මෝදි රජයේ ප්‍රබල අමාත්‍යවරියකද වන ස්මිත්‍රී ඉරානි මෙවර එහි පසුබෑමකට ලක්ව සිටියි.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සන්ධානයේ ආසන 39කින් 37ක්ම ජයග්‍රහණය කරල තියෙන්නේ ඉන්ඩියා සන්ධානයයි.

මේ අතර මෝදි රජය ලබා ඇති අනපේක්ෂිත පසුබෑම හමුවේ ඉන්දීය කොටස් වෙළෙඳ පොළ තාවකාලිකව කඩා වැටී තිබේ.

ඒ අනුව කොටස් මිල සියයට 5 කින් පහත වැටී ඇති බව වාර්තා වෙයි. 


ReeCha