මිලියනයක වන්දියක් සමගින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය..

Sri Lanka
By krishani Oct 06, 2023 06:13 PM GMT
krishani

krishani

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ඊයේ (06) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

ඒ මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවට අදාළව ව්‍යාජ සාක්ෂි හඳුන්වා දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්කිරීම තුළින් ය.

ඒ අනුව තීන්දුවේ සඳහන් වන්නේ එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් පෙත්සම්කරුට රුපියල් මිලියනයක වන්දියක් මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවයි.

එමෙන්ම, පෙත්සම්කරුට නීතියෙන් හිමි විය යුතු සියලු වැටුප් වර්ධක, දීමනා හා උසස්වීම් සියල්ල ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.

නීතිඥ විරාන් කොරයා මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිට තිබුණේ ය.

කෙසේ වෙතත්, ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෛරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ හ.

ReeCha