ජීවමාන දේශපාලකයන්ට පාසල් තුළට රිංගීම තහනම් කරමින් දැඩි තීරණයක්.

A D Susil Premajayantha Sri Lankan Schools
By Wayomi Feb 14, 2024 10:09 AM GMT
Wayomi

Wayomi

Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත විසින් පාසල් වල සිදු විය යුතු විශේෂ වෙනස්කමක් ගැන දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ, ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී ඇත.

ඔහු සඳහන් කළේ, සියලුම ආණ්ඩුකාරවරුන් එළඹෙන සිකුරාදා (16) මෙම තීරණය දැනුම් දෙන බවයි.

මේ අතර ජීවතුන් අතර සිටින කිසිවකුගේ නමක් මින් ඉදිරියට පාසල්වලට නොයොදන ලෙසට එහිදී උපදෙස් දෙන බවද ඔහු කියා සිටියා.

මේ අතර, දේශපාලනඥයන් පාසල්වලට ගොස් ආධාර ලබා දෙන මුවාවෙන් සිදු කරන දේශපාලන කතා නතර කිරීමට පියවර ගන්නා බව ද ප්‍රේම්ජයන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත වැඩිදුරටත් පවසනවා.

   

ReeCha