මෙරට මුහුදු වැලි වලින් මාලදිවයිනේ දූපතක්..භූ කම්පන වලට හේතුව මෙය ද..?

earthquakes Maldives land side Sanjana De Silva sea sand
By Sewvandhi Sep 14, 2021 02:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටින් මුහුදු වැලි අපනයන කර මාලදිවයිනේ දූපතක් සෑදීමට සූදානම් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා ප්‍රකාශ කළේ මාලදිවයිනේ ඉදිකිරීම් කටයුතුවල නිරත ශ්‍රී ලාංකීය සමාගමක් සදහා අවශ්‍ය ඛණිජ වැලි ප්‍රමාණයක් අපනයනය කර ඇති බවයි.

එසේම අදාළ ඛනිජ වැලි මාලදිවයිනට අපනයනය කර ඇත්තේ ඉදිකිරීම්වලදී ජල තටාක සහ නළ ළිං සඳහා ජල පිරිපහදු කිරීමේ කාර්ය සදහා යොදා ගැනීමටයි. ඒ අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළේ වැලි කියුබ් 8ක් පමණ වරින් වර අපනයනය කර ඇති අතර එහිදී කියුබ් එකක් සඳහා රුපියල් 180,000ක මුදලක් අය කරගෙන තිබූ බවයි.

මේ අතර, මෙරට පවතින ඛණිජ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාව තුළ දේශීය කර්මාන්ත සඳහා යොදා ගනු ලබන වැලි ඇතුළු අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය සුවිශේෂී අවශ්‍යතාවක් මත අමාත්‍ය මණ්ඩල අනුමැතියකට යටත්ව පමණක් මිස අපනයනය කිරීම සදහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මීට පෙර,හම්බන්තොට සිට කි.මී 160 ක් Sriතින් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ එම් 4.1 භූමිකම්පාවක් වාර්තා විය. සුනාමි තර්ජනයක් නැතැයි ජීඑස්එම්බී සභාපති පවසයි. එමෙන්ම සුනාමියක් ඇති වෙන්නේ යැයි බියට පත්වී මොරටුව අගුලාන ජනතාව අද අළුයම වෙරළාසන්න තීරයෙන් ගොඩබිම දෙසට දිව ගොස් ඇතැයි පොලිසිය කියයි.

බස්නාහිර වෙරලේ මුහුදේ රළ උස්වන්නේ යයි කාලගුණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරන ද ප‍්‍රකාශයක් මත කිසිවෙකු විසින් සුනාමියක් ඇති වේ යැයි අසත්‍ය ප්‍රකාශයක් ගෙන ගොස් තිබිණි. පොලිසිය සඳහන් කරන්නේ මෙය කිසියම් අයෙකු ගෙනගිය අසත්‍ය ප්‍රකාශයක් බවයි.

මේ වන විට අඟුලාන ප්‍රදේශයේ තත්වය පාලනය කර ඇති අතර සුනාමි තත්ත්වයක් නොමැති නිසා නිවසේම රැඳී සිටින්න පොලිසිය විසින් දැනුවත් කර තිබේ. මේ අතර මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ (12) පස්වරු 5.30 තෙක් වලංගු වන ආකාරයෙන්. නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ක් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.

කෙසේවෙතත් මෙය ගොඩබිමට පැමිණෙන රළවල උස නොවන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මෙම තත්වය මත මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් ද පවතිනවා.

ධීවර සහ නාවුක ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha