සිසුන්ගේ උදෑසන ආහාර දීමනාවෙන් විදුහල්පතිනියක් සැමියගේ උපන්දිනේට කෑම හදලා..
Sri Lanka
By krishani
මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් විසින් දරුවන්ගේ උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදලින් සිය සැමියාගේ උපන්දින සාදය සඳහා ආහාර පිළියෙළ කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
දරුවන්ගේ ආහාර සඳහා වෙන් කළ මුදල් යොදා ගනිමින් විදුහල්පතිනිය විසින් සැමියාගේ උපන්දින සාදය සඳහා ආහාර පිළියෙළ කර ඇති බව පාසලේ සංවර්ධන සමිතියේ නියෝජිතයන් චෝදනා එල්ල කර ඇත.
දෙමාපියන් විසින් කළාප අධ්‍යාපන කාර්යාලයට ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇති අතර ඒ අනුව අදාළ විදුහලට ගොස් විදුහල්පතිනියගෙන් සහ ගුරුභවතුන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට හිඟුරක්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය කටයුතු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |