සියලු ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන්ට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්.
අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත සියලු ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන්ට අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අවුරුදු 63 සම්පූර්ණ වන තුරු විශ්‍රාම ගැන්වීම වළක්වාලමින්.
මෙම නියෝගය ලබා දී ඇත්තේ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා හෙද හෙදියන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් යන විනිසුරුවරුන් විසින් මෙම නියෝගය ලබාදුන්නා.
මෙම පෙත්සමෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |