මොකක්ද මේ මහ ඡන්දෙන් ඇහෙන රුපියල් දහයේ කතාව..

Report

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ඡන්ද විමසීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක ආදායම් වියදම් විස්තර ලබාදීමට සිදුවීම නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ස්වාධීන කණ්ඩායම් රැසක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල ලෙස සටහන් කර ඇත්තේ රුපියල් 10 කටත් අඩු මුදලක් බවට තොරතුරු අනාවරණය වේ.

ආන්දෝලනාත්මක ඝාතන නඩුවක ගොනුව නීතිපති දෙපාර්තමේන්තු වසා දමයි...

ආන්දෝලනාත්මක ඝාතන නඩුවක ගොනුව නීතිපති දෙපාර්තමේන්තු වසා දමයි...

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද කොට්ඨාශ අනුව එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැයකළ හැකි මුදල තීරණය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය. ඊට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාවේදී පෙරේදා (15 වැනිදා) අදහස් ලබාගත් අතර, ස්වාධීන කණ්ඩායම් නායකයන්ගෙන් ඒ ඒ මැතිවරණ කොට්ඨාශවලදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් අදහස් ලබාගන්නා ලදී.

ජය පැරදුමෙ තීරණාත්මක දවස අදයි..

ජය පැරදුමෙ තීරණාත්මක දවස අදයි..

ඒ අනුව, අදාළ පක්ෂ ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් ඡන්දදායකයකු වෙනුවෙන් වැයකළ හැකි මුදල කොළයක සඳහන් කර මැතිවරණ කොමිෂන් සභාවට සහ තේරීම් භාර නිලධාරීන්ට බාරදෙන ලදී. ස්වාධීන කණ්ඩායම් රැසක නායකයන් රැසක් සඳහන් කර ඇත්තේ එක් අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 10ක් හෝ 20ක් වැය කළ හැකි බව යැයිද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීහු කියා සිටිති.

ඒ අනුව, මෙම සියලු අදහස් සලකා බැලීමෙන් අනතුරුව ඒ ඒ මැතිවරණ කොට්ඨාශ අනුව අපේක්ෂකයන් විසින් ඡන්දදායකයන් වෙනුවෙන් වැයකළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන බවද සභාපතිවරයා පැවසීය.