භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන තහනමක් පනවමින් විශේෂ ගැසට්ටුවක්..

Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka
By krishani Apr 07, 2023 04:27 AM GMT
krishani

krishani

Report

භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ආනයන තහනමක් පනවා ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

අදාල ආනයන තහනම එලඹෙන ජුනි 01 දා සිට බලපැවැත් වේ.

මෙලෙස තහනම් කරන භාණ්ඩ වර්ග අතරට එක් වරක් පමණක් භාවිත කල හැකි භාණ්ඩ වර්ග කිහිපයක් ලෙස බීම බට, පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු, පිහි ආදිය සහ ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු මෙන්ම ප්ලාස්ටික් මල්මාල ආනයනය ද තහනම් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join