ජනපති නියෝගයෙන්, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. (නිවේදන)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ විදුලිබල සැපයීම හා ඛනිජතෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ය.
ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (03) මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ ය.
එම ගැසට් නිවේදනය මඟින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන අදාළ සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා බවට නියම කර ඇත.
ගැසට් නිවේදනය පහතින්,
