කර්මාන්ත ශාලාවක පිපිරීමක් - 08ක් ජිවිතක්ෂයට.. තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ ළමුන් ද වේ..

India Accident Death
By krishani Aug 27, 2023 10:07 AM GMT
krishani

krishani

Report

අද(27) පෙරවරු 10ට පමණ ඉන්දියාවේ – බටහිර බෙංගාලයේ, රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදු වී තිබෙනවා.

ඒ හේතුවෙන් පුද්ගලයන් 08දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තවත් පුද්ගලයන් 05දෙනෙකු තුවාල ලබා ඇත.

එම පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බව වාර්තා වේ.

මෙම කර්මාන්ත ශාලාව නීති විරෝධීව පවත්වාගෙන ගිය එකක් බව වාර්තා වන අතර සිදු වූ පිපිරීමෙන් එම කම්හල පවත්වාගෙන ගිය නිවස සුන්බුන් වී තිබෙනවා.

මේ අතර මෙම වසර මුල දී ද මෙලෙස නීති විරෝධී රතිඤ්ඤා කම්හලක සිදු වූ පිපිරීමකින් එම ප්‍රදේශය ආශ්‍රිතව පුද්ගලයන් 12 දෙනෙකු මිය ගියේ ය.

 

ReeCha