කැස්බෑවුන් මිය යන්න හේතුව මුහුදේ වූ පිපිරීමක්.
Sri Lanka
Sri Lanka Fisherman
Death
By Hashini
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූ වූ පිපිරීමකින් බවට තොරතුරු අනාවරණ වෙමින් පවතින බවයි.
අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම තොරතුරු අනාවරණ වූ බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ද ඉදිරිපත් කර ඇති අතර, තහනම් කරන ලද ධීවර පන්න ක්‍රම සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීම නිසා සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් හටගන්නට ඇති බව එහි සඳහන්.
පසුගිය 22 වැනි දා සිට මේ දක්වා බටහිර වෙරළ තීරයට ගොඩ ගැසු මියගිය කැස්බෑවුන් සංඛ්‍යාව 25 කි.
තවත් කැස්බෑවුන් තිදෙනෙකුගේ පිටත ආවරණයට දැඩි හානි සිදුව ඇති අතර එම සත්ත්වයින්ට ප්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.
