ගම්පහ - බඩල්ගම ප්‍රදේශයේ පිපිරීමක්..පුද්ලයෙක් මියගොස් 19ක් තුවාල ලබයි..

Police spokesman Sri Lanka Police Accident
By Aruna Oct 14, 2024 06:04 AM GMT
Aruna

Aruna

Report

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

පොලිසිය සැකකරන්නේ, පෙරදින රාත්‍රී ක්‍රියාත්මක වූ බොයිලේරුව අධික රස්නය හේතුවෙන් පුපුරා යන්නට ඇති බවයි.

තුවාල කරුවන් මීගමුව සහ කොළඹ රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

21 හැවිරිදි තරුණයා සමඟ තිදෙනෙක් දුම්රියට බිළි වූ හේතුව හෙළිවෙයි..

21 හැවිරිදි තරුණයා සමඟ තිදෙනෙක් දුම්රියට බිළි වූ හේතුව හෙළිවෙයි..


මේ අතර, යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සිදුවූ පිපිරිමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ තරුණයකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වනවා.

මෙම තරුණයා කුඹුරක වැඩ කරමින් සිටියදී එහි වලදමා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Gallery