නිවස තුළ අභිරහස් ලෙස මියගිය ඉංජිනේරුවා.

Sri Lanka Police Crime
By Wayomi Apr 11, 2023 12:12 PM GMT
Wayomi

Wayomi

Report

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියකගේ සැමියා නිවස තුළ අබිරහස් ලෙස මියගොස් සිටියදී අද (11) දහවල් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි පී. ඒ පුෂ්පකුමාර නිශ්ශංක නමැති 58 හැවිරිදි අයෙකු වන අතර ඔහු ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉංජිනේරුවරයාගේ නිවසින් කිසිදු ශබ්දයක් නොඇසීම හේතුවෙන් යාබද නිවසේ පුද්ගලයා තවත් පුද්ගලයකු සමග එක්වී අදාළ නිවස පිටතින් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී නිවස තුළින් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් නිවසේ ජනෙලයක් විවෘතකර අදාළ පුද්ගලයා නිවසට ඇතුල් වී ඇති අතර එහිදී, ඉජිනේරුවරයාට නිවසේ සාලයේ පුටුවක් අසල ලේ විලක් මැද මුනින් අතට වැතිරී සිටින අයුරු දැක තිබුණා.

පසුව එම පුද්ගලයා කහතුඩුව පොලීසියට කරන ලද දැනුම් දැනුම්දීමක් අනතුරුව පොලීසිය පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉංජිනේරුවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති අතර ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ReeCha