ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක්..මෙරට නගර කිහිපයකටත් දැනේ..

Sri Lanka Ampara Madakalapuwa Kalmune
By Aruna Jun 18, 2021 06:29 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න වශයෙන් කිලෝමීටර් 300ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රික්ටර් මාපාංකයේ 4.8ක් ලෙස සටහන් වූ භූමිකම්පාවක් හටගෙන ඇති බව වාර්තා වනවා.

භූමිකම්පා සහ ස්වභාවික ව්‍යසන සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන වෝල්කැනෝ ඩිස්කවරි නැමැති වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ මුහුදු මටටමේ සිට කිලෝමීටර් 50ක් ගැඹුරින්.

එහි කම්පනය දැනෙන ආසන්න නගර ලෙස සදහන් කර ඇත්තේ,මඩකලපුව,කල්මුණේ,අම්පාර, එරාවුල් ආදී නැගෙනහිර නගර කිහිපයක්.

කෙසේවෙතත් එවැනි භූකම්පන තත්ත්වයක් පිළිබඳව අදාල ප්‍රදේශ වලින් කිසිදු තොරතුරක් මේ දක්වා වාර්තා වී නැහැ.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now