අද මෙරටින් භූමිකම්පාවක්..සුනාමි තත්ත්වයක්??

Weather Hambantota Lunugamwehera an-earthquake-in-sri-lanka
By Aruna Sep 07, 2021 07:41 AM GMT
Aruna

Aruna

Report

අද (7) පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ භූකම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙය අද උදෑසන 10.38ට පමණ හටගෙන ඇති අතර එය රික්ටර් මාපක 2.4 ක භූ කම්පනයක් බවයි භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙමගින් සුනාමි තත්ත්වයක් හෝ වෙනත් කිසිදු හානියක් සිදු නොවූ බවටයි වාර්තා වන්නේ.

මේ අතර අද (07) දිනය තුල සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් අද (07) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන්.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් (40-50) පමණ දක්වා වැඩි විය හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha