පිලිපීනයට බලවත් භූ කම්පනයක්
Philippines
Earthquake
Accident
Sinhala news
gagana news
By Shehan
පිලිපීනයේ මින්ඩනාඕ හි භූකම්පනයක් සිදුවී ඇත.
රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුත් එම භූකම්පනය සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
භූකම්පනය එරට වේලාවෙන් අද (28) උදෑසන 7.07ට සිදුවී ඇත.
ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතේ සිට කිලෝමීටර් 70ක් පමණ දුරින්, කිලෝමීටර් 101ක ගැඹුරකින් මෙම භූකම්පනය හටගෙන ඇත.
පිලිපීන ගිනිකඳු හා භූකම්පන විද්‍යා ආයතනය මෙම භූකම්පනය වාර්තා කර ඇති අතර, කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැති බවද තහවුරු කර ඇත.
