පුතාගේ අනියම් පෙමින් පියා රෝහලේ..

Sri Lanka Police Kalutara Sri Lanka
By krishani May 04, 2023 07:55 AM GMT
krishani

krishani

Report

ඊයේ (03), පුතාගේ පෙම්වතියගේ ඥාතීනෙගෙන් පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් පියෙකු ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව කළුතර උතුර පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර දකුණ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙක් ය.

විවාහකයකු වන සිය පුතා උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් වන අතර තවත් තරුණියක් සමග ඔහු ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇත.

මේ අතර, ඒ සම්බන්ධව ඇති වූ ආරවුලක දී පොලිස් සැරයන්වරයාගේ නිවසට පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර ඇත්තේ.

කෙසේවෙතත්, සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බව  පොලීසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join