මවක් සහ මවගේ අනියම් සැමියා එකතු වී අවුරුදු හතරක දියණියට කළ අහස පොළොව නුහුළන අපරාධය - බලන් ඉන්න බැරිම තැන අසල්වාසීන් පොලිසියට කියලා.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
මවක් සහ මවගේ අනියම් සැමියා එකතු වී වයස අවුරුදු හතරක දියණියකට පහරදී බරපතළ තුවාල සිදුකළ පුවතක් වාර්තා වේ.
එම චෝදනාව යටතේ ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකාර යුවළ කුරුණෑගල අලකොළදෙණිය මොඩර්වත්තේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
එම සිදුකළ පහර දීමෙන් දැරියගේ මුහුණට, කොන්ද පෙදෙසට සහ අත්පා වලට තුවාල සහ තැළුම් සිදුව තිබෙනවා.
එමෙන්ම පහර වැදීමෙන් ඇගේ ඇස් පෙදෙසට ද හානි සිදු වී ඇත.
මේ අතර දින ගණනාවක්ම දැරිය නිවසේ දී පහර කෑමට ලක්ව තිබෙන බව වාර්තා වේ.
ඒ බව අසල්වාසීන් පොලීසියට දැන්වීමෙන් අනතුරුව මෙම කාන්තාව සහ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
