ටිපර් රථ අනතුරකින් යුද හමුදා නිලධාරියෙක් මරුට.
Sri Lanka Army
Sri Lanka Police
Sri Lanka
Accident
By Wayomi
අද (09) අලුයම දඹුල්ල - හඹරණ මාර්ගයේ අවුඩංගාව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ, දඹුල්ලේ සිට හබරණ දෙසට ධාවනය වූ යුද හමුදාවට අයත් වෑන් රථයක් එම දිසාවටම ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යෑමේදීයි.
මෙමෙ අනතුරෙන් වෑන් රථයේ රියදුරු සහ යුද හමුදා නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී වම්පස ඉදිරි අසුනේ සිටි නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණා.
