වතු කම්කරු වැටුප් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
අද (19) වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් ඉකුත්දා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා මේ මස 27දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.
මෙම අභියාචනා පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙම දින නියම කිරීම සිදු විය.
පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ, වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.
එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බවත් එය විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාදීකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයන් නිකුත් නොකිරීම තීරණය කළ බවත් පෙත්සම්රුවෝ සඳහන් කර තිබේ.
එම තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වතු සමාගම් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
